Wednesday, February 24, 2010

Tagged Under:

පෙම්වතියන් ඉන්නවා

By: Last Man On: 3:47 PM
මගේ හිතේ විශේෂ අය හිටියත්
දැන්ම කියන්න බැහැ

ශිහාන් මිහිරංග



තවමත් බොහෝ යුවතියන්ගේ සිහින කුමරා ඔහු ය. ලැබූ ජනප්‍රියත්වයේ කියන්න බැරි තරමේ අඩුවක්‌ ද නැත. ගායන විලාසයත්a, විලාසිතාවල ගැළපීමත්, කලින් කලට වෙනස්‌ කරන කොණ්‌ඩ මෝස්‌තරත් ඔහු තුළ රැඳි ආකර්ශනය වැඩි කරගන්නට සමත් වෙනවා ඇත. ඔහු වෙන කවුරුත් නොව සිරස සුපර් ස්‌ටාර්ස්‌ පළමු අදියර හරහා අතිශයින් ම ජනප්‍රියත්වයට පත් වූ ශිහාන් මිහිරංග යි.

කොහොමද ශිහාන්... කාලෙකට පස්‌සෙයි අපට හමුවුණේ ඔබ,

හොඳයි.. මාස හතරක්‌ පහක්‌ විතර මම මාධ්‍යයෙන් ටිකක්‌ ඈත්වෙලා හිටියා. ඊට පස්‌සේ ඩුබායි, ජෝර්දාන්වල ප්‍රසංග කිහිපයක්‌ තිබුණා. ඒ නිසා ලංකාවේ හිටියේ නැහැ. මේ දවස්‌වල මම වැඩියෙන්ම කරන්නේ මගේ තුන්වෙනි ගීත ඇල්බමයේ වැඩ. ඒ නිසා ස්‌ටුඩියෝවෙන් පිටතට යන්නේ නැති තරම්.

අලුත් ඇල්බම් එකේ වැඩ ඉවරද?

ඔව්.. සියයට අනූ පහක්‌ විතර ඉවරයි. තව පොඩි වැඩ වගයක්‌ ඉවර කරගන්න තියෙනවා. මගේ පළමු ගීත ඇල්බමය "ඩි්‍රම්ස්‌ ඔෆ් ශිහාන්" දෙවන ඇල්බමය "ඩි්‍රම්ස්‌ II මයි ලයිෆ්" අලුත්ම ඇල්බමය "එරස්‌"

ඇයි "එරස්‌" කියන නම යෙදුවේ..

මම සාමාන්‍යයෙන් මගේ ඇල්බම් එකකට නම දාන්නේ ඒ කාලය තුළ මගේ ජීවිතය තුළට එකතු වූ අත්දැකීම් එක්‌ක. ඒ අත්දැකීම්වල එකතුවත් සමගයි මම, මගේ ගීත හදන්නේ.

මොකද මගේ පළමු ඇල්බමයේ ගීත හැදුවේ මම 10 වසරේ ඉගෙන ගන්න කාලේ. එතකොට මගේ සිහිනය වෙලා තිබුණේ ඇල්බම් එකක්‌ කරන්න. මම සුපර් ස්‌ටාර් හරහා සංගීත ක්‍ෂේත්‍රයට ආවාම ඒ සියල්ල එකතු කරගෙන "ඩි්‍රම්ස්‌ ඔෆ් ශිහාන්", ශිහාන්ගේ සිහින නමින් මුල් ගීත ඇල්බමය කළේ.

දෙවැන්න කළේ සුපර් සුටාර් වලින් ජනතාව මාව දැනගෙන අවුරුදු දෙකක්‌ විතර ඒ මාවතේ ආවට පස්‌සේ. ඒ වෙනකොට සංගීත කියන්නේ මගේ ජීවිතය වෙලා තිබුණා. ඒ හේතුව නිසා තමයි මම "ඩි්‍රම්ස්‌ II මයි ලයිෆ්" ලෙස දෙවන ඇල්බමය නිර්මාණය කළේ.

මීට අවුරුදු 2 ක්‌ ඇතුළත කාලයේ මම ගොඩක්‌ හැල හැප්පිලිවලට මැදි වුණා. ඇතැම් කොටසකගේ කූට දේවල්වලට අහුවුණා. ප්‍රශ්න ගොඩක්‌ මැද සමහර වෙලාවට ලොකු තරහකින්, සමහර වෙලාවට ලොකු වේදනාවකින් සිංදු හදපු වෙලාවල් තිබුණා. පෞද්ගලිකවම මම හිතන්න ගත්තා සංගීතය තුළදී ඇයි මෙහෙම වෙන්නේ කියලා. ඒ පරිච්ඡේදය මට වැරදි වෙච්ච කාලය සලකලා එතනදී මා අතින් නිර්මාණය වූ සිංදු ගැන සලකලා මම අලුත් ගීත ඇල්බමය "එරස්‌" නමින් නම් කළා. මේ බව ගීත රසවිඳීමේදී මගේ රසික රසිකාවියන්ට අත්විදින්න පුළුවන් වේවි. වෙනසක්‌ දැනේවි.

කවදාද අපට "එරස්‌" අහන්න ලැබෙන්නේ.

තව මාස දෙකකින් විතර.

ඇල්බමයත් සමග ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තුවක්‌ තියෙනවද?

ඔව්. ඇල්බම් එකේ තේමාවත් එක්‌ක මම සාමාන්‍යයෙන් ප්‍රසංග පවත්වනවානේ. "එරස්‌" එක්‌කත් ප්‍රසංග මාලාවක්‌ කරන්න හිතාගෙන ඉන්නවා. ඇල්බම් එකත් එක්‌ක මගේ නිල වෙබ් අඩවිය විවෘත කිරීමක්‌ද වෙනවා.

දැන්වීම්වලට අලුතෙන් එකතු වුණේ නැද්ද?

අවසානයට මම බාරගෙන කළේ මංචි රෝලෝ වෙළදනාමය. මම අවුරුදු කිහිපයකට ඒ වෙළදනාමය ප්‍රවර්ධනය සඳහා ගිවිසුම් අත්සන් කරලා තිබුණත් මීට මාස අටකට විතර කලින් මම එයින් ඉවත් වුණා. සාමාන්‍යයෙන් මගේ පෞද්ගලික නීති කිහිපයක්‌ මම හදාගෙන තියෙනවා. ඊට පිට මම වැඩ කරන්නේ නැහැ. ඊට එහා නීතිරීති දාන තැන්වලදී මම මොනතරම් මුදල් ලැබුණත් ඉල්ලා අස්‌වෙනවා. ඒක මගේ පෞද්ගලික තීරණයක්‌. අද වෙනත් දෙන්නෙක්‌ ඒ වෙළඳනාමය ප්‍රවර්ධනය සඳහා වැඩ කරනවා. ඔවුන්ට කාර්යබාරය පවරලා මම ඉවත් වුණා. ඉදිරියේදී තවත් වෙළදනාම තුනක විතර ප්‍රවර්ධන තානාපති ලෙස කටයුතු කරන්න ආරාධනා ලැබිලා තියෙනවා. රටේ තියෙන මේ වාතාවරණය ටිකක්‌ හොඳ අතට හැරුණාම අපි ඒ වැඩ කටයුතු කරන්න පටන් ගන්නවා.

ශිහාන් මේ වෙනකොට ව්‍යාපාරික කටයුතුවලටත් සම්බන්ධවෙලා කියලා ආරංචියක්‌ තියෙනවා.

ව්‍යාපාරයක්‌ කරන්න ලොකු වුවමනාවක්‌ නම් තියෙනවා. මගේ මාමා, තවත් ඔහුගේ හිතවතුන් දෙදෙනෙක්‌ සමග එකතුවෙලා පටන් ගන්න සූදානම් වුණ ව්‍යාපාරයටම මමත් එකතු වුණා. ඒක රෙස්‌ටොරන්ස්‌ එකක්‌. නමුත් මම මීට ටික දවසකට පෙර එයින් ඉවත් වුණා. මොකද ඒකට හේතු කිහිපයක්‌ බලපෑවා. මගේ මියුසික්‌ එක්‌ක ඒ වගේ නිතරම ඇහැ ගහගෙන ඉන්න ඕන ව්‍යාපාරික කටයුත්තක නියෑලෙන්න අමාරු නිසා. මොකද ලාභය ගන්න විතරක්‌ මම එතනට යාම අනෙක්‌ තුන්දෙනාටම මම කරන අසාධාරණයක්‌ නිසා.

නමුත් ව්‍යාපාරයක්‌ කරන්න ඕන මතේ මම ඉන්නවා. නැත්නම් ලංකාව වගේ රටක සංගීතයෙන් පමණක්‌ම ජීවත් වෙන්න අමාරුයි. අපට හොඳ නිෂ්පාදනයක්‌ සංගීතය පැත්තෙන් එළියට දාන්නත් ලොකු වියදමක්‌ දරන්න වෙනවා. ඒ නිසා මුදල් ඕන.... මම දැනටත් වැවිලි සම්බන්ධ මම ගොඩක්‌ කැමති ව්‍යාපාරික කටයුත්තක්‌ කරගෙන යනවා.

වැඩියෙන්ම ඉන්නේ කොහේද?

මේ දවස්‌වල වැඩියෙන්ම වැලිවේරියෙත් ඉන්නවා. මොකද මම මේ දවස්‌වල වැඩියෙන්ම ඉන්නේ හලාවත මේරියන්ස්‌ ස්‌ටුඩියෝ එකේ නිසා. අලුත් ඇල්බමයේ වැඩ නිසා. වැඩත් තියෙන දවසට විතරක්‌ කොළඹට එනවා.

ගෙදර අය ගැනත් කියමු.

තාත්තා ළඟදී ඇවිල්ලා ආපහු රට ගියා. අම්මා සැපෙන් සනීපයෙන් ගෙදර ඉන්නවා. අක්‌කා කැම්පස්‌ ගිහින් ඉවරයි. රැකියාවක්‌ කරනවා. ළඟදී එයා විවාහවෙන්න යනවා.

තවමත් ගැහැනු ළමයි ආදරය ඉල්ලගෙන ලියුම්, SMS, කෝල්ස්‌ වලින් ආරාධනා එවනවද?

තවමත් ඒකේ අඩුවක්‌ නැහැ. එදා වගේමයි.

එදා වගේම තවමත් නොවත්වා ෆොන් එක රිං වෙනවා. SMS එනවා. ලියුම් ගෙදරට එනවා. ඒ ගැන මම ගොඩක්‌ සතුටුවෙනවා. යම් දවසක උදේ ඉඳලා මගේ ෆොaන් එක රිං වේවි තිබුනේ නැත්නම්, මගේ රසික රසිකාවියන්ගෙන් SMS ආවේ නැත්නම්, ලියුම් ගෙදරට ආවේ නැත්නම් මට හිතාගන්න වෙන්නේ ඔවුන් මටත්, මගේ සංගීතයටත් කැමති නැහැ කියන ඇත්ත තත්ත්වය. එහෙම දවසක ශිහාන් මිහිරංග මියුසික්‌ කරන එක නවත්වනවා.

ආදරය කරන විශේෂ කෙනෙක්‌ නැද්ද?

පෙම්වතියන් ඉන්නවා. මෙහෙමයි මගේ හිතේ විශේෂ අය ඉන්නවා. නමුත් ඒක හරියට කියන්න බැහැ. මොකද හේතුව මම ඒ ළමයාගේ නම කියලා යම් විදිහකින් ඒ ළමයා මට බාර ගන්න බැරුව ගියොත් ඒ ළමයා අසරණ වෙනවානේ. එහෙම වුණත් ඒ ළමයාට සමාජයෙන් ප්‍රශ්න ඇතිවෙනවානේ. ඒ නිසා ඒ නම හරියටම කියන්න වගකීමක්‌ මට තියෙන දවසට හරියටම මම ඒ කවුද කියලා අනිවාර්යයෙන්ම කියනවා.

ශිහාන් මිහිරංග කියන තරුණ ගායකයා හරහා කොණ්‌ඩ විලාසිතාවන්ට අපූරු තැනක්‌ ලැබෙනවා. මොකක්‌ද මේ ඇති කරලා තියෙන වෙනස...

මම පිළිගන්න දෙයක්‌ තමයි තනි පුද්ගලයෙක්‌ව හැමදාම එකවිදිහට බලන්න බැහැ කියන තත්ත්වය. ජනප්‍රිය පුද්ගලයෙක්‌ වුණාම මේ තත්ත්වය ගොඩක්‌ බලපානවා කියලා මම හිතනවා. ශිහාන් මිහිරංග එකම විදිහට ඉඳගෙන ගීත කියනවට මම හිතන්නේ නැහැ කවුරුවත් කැමති ඇති කියලා. කෑමක්‌ වුණත් එහෙමනේ. කලාකාරයෙක්‌ කියන්නේ තවත් කෙනෙක්‌ පිනවන්නෙක්‌. ඔහු තුළින් වින්දනයක්‌ ලබන්නයි ඔහුගේ ෂෝ එකකට ජනතාව එන්නේ. ඒ නිසා ඔහු කාලෙන් කාලෙට ගැළපෙන විදියට වෙනස්‌ වෙන්න ඕන කියන තැන මම ඉන්නවා. සමහර වෙලාවට තමන් අකමැති දේ කරන්න වෙනවා. රසිකයාගේ කැමැත්ත වෙනුවෙන්. මම කරන හැමදෙයකින්ම සියයට සියයක්‌ රසිකයන් කැමති වෙන්නේ නැහැ. සමහර වෙලාවට ටික කාලයක්‌ තුළ කැමති දෙයකට තවත් කාලයකදී අකමැති වෙන්නත් පුළුවනි. ඒ නිසා මට අලුත් අලුත් විදියට එන්න කැමතියි. මට වෙනත් විලාසිතා කලත් ගොඩ දෙනෙත් මාගේ කතා කරන්නේ කොණ්‌ඩ විලාසිතා ගැන. ඒක මං බිහි කරපු එකක්‌ මම අවුරුද්දකට සැරයක්‌ කොණ්‌ඩ විලාසිතා වෙනස්‌ කරනවා. මගේ අම්මි, තාත්තා, අක්‌කිවත් මේවාට මොනවත් කියන්නේ නැහැ.

මොනවද ශිහාන්ගේ රසිකා රසිකාවියන්ට කියන්නේ

එයාලා නිසා තමයි අපි මේ තැන ඉන්නේ. ඔවුන්ගේ ආදරය හැමදාම තියාගන්න හොඳ නිර්මාණ කරන්නයි මම කාලය ගන්නේ. දෙවන ඇල්බමයෙන් අවුරුදු දෙකකට පස්‌සෙයි තුන්වෙනි ඇල්බමය මම කරන්නේ. හොඳ දෙයක්‌ ඔවුන්ට දෙන්න ඕන නිසා. තුන්වෙනි ඇල්බමයත් අහලා අදහස්‌ ඉදිරිපත් කරන්න ඉදිරිගමන සඳහා.

නො. 132/25 හේනේගම පාර වැලිවේරිය

සාකච්ඡා කළා
හරින්දි ලියනගේ

0 comments:

Post a Comment